විද්‍යාලයේ හදිසි අවශ්‍යතා කිහිපයක්
විද්‍යාලයේ හදිසි අවශ්‍යතා කිහිපයක්
- කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයේ තුන්වන මහල ආසන්න වශයෙන් වර්ග අඩි 4300 ක වර්ගඵලයෙන් යුත් එම භූමිය සිසුන්ගේ නේවාසිකාගාරයෙන් කොටසක් සේ ස්ථාපිත කිරීම අරමුණ වේ. එය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් ලක්ෂ හැත්තෑ දෙකක් (7,200,000) පමණ වේ.
- මස්ජිද් ගොඩනැගිලි සංකීර්ණයේ තුන් වන මහල වර්ග අඩි 2300 ක වර්ග ඵලයෙන් යුත් එම භූමිය විද්‍යාලයේ ශ්‍රවණාගාරය ලෙස ඉදිකිරීම බලාපොරොත්තුවයි. එයට ආසන්න වශයෙන් ලක්ෂ තිස්දෙදහසක් (3,200,000) වියදම් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
- මුළුතැන්ගෙය එයට යාබද ශාලාව කෝකිවරුන්ගේ නේවාසිකාගාරය ගබඩා කාමර ඇතුළු ව ආසන්න වශයෙන් වර්ග අඩි 1500 ක වර්ග ඵලයෙන් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම තවත් අපේක්ෂාවකි. ඒ වෙනුවෙන් වූ ඇස්තමේන්තුගත වියදම රුපියල් ලක්ෂ පනහකි.(5,000,000)
- මාසික ණය ප්‍රමාණය අඩු කිරීම සඳහා මුදල් එක් රැස් කිරීම වැඩි කිරීම එක් දින වියදම් භාර දීම මුදල් හෝ භාණ්ඩ වශයෙන් මාසික ව ආධාර ලබා ගැනීම යනාදී ක්‍රමවේද හරහා මුදල් රැස් කිරීමට අදහස් කිරීම.
- විද්‍යාලයේ පුස්තකාලය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පොත් පත් රැසක් සහ ගෘහ භාණ්ඩ ලබා ගැනීමේ අවශ්‍යතාව.
- ගුරුවරුන් සඳහා පවුල් නේවාසිකාගාර හා නිල නිවාස ඉදිකිරීම.
මෙම විද්‍යාලයට මූල්‍යමය සහ භාණ්ඩ වශයෙන් ප්‍රයෝජනවත් උපදේශන සේවා හරහා උපකාර කළ හා උපකාර කරන හිතවත් සහෝදරවරුන් විද්වතුන් අපගේ සිසුන්ගේ දෙමව්පියන් හිටපු කථිකාචාර්යවරුන් අර්ධ කාලීන ගුරුවරුන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් සුබ පතන්නන් සුබසාධන සංවිධායකවරුන් ගම්වාසීන් සහ මෙහි සඳහන් නොවූ ආදරණීයන් සියලු දෙනාහට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කර සිටින අතර ඔවුන්ගේ සහයෝගය නිබඳ ව අපේක්ෂා කරමු.
කරුණාවන්ත දැනුමෙන් පිරිපුන් විද්වතුන් සහ හාෆිල්වරුන් (පරිශුද්ධ අල් කුර්ආනය කට පාඩම් කළ පුද්ගලයන්) බිහි කර සමාජය වෙනුවෙන් නිරන්තරයෙන්ම යහ සේවයේ නියැළීමට සර්ව බලධාරී අල්ලාහ් මෙම විද්‍යාලයට ආශීර්වාද කරත්වා!
නිර්මල චේතනාවෙන් මෙම ක්ෂේත්රයේ තවදුරටත් සේවය කිරීමට සර්ව බලධාරී අල්ලාහ් අප සැමට ආශීර්වාද කරත්වා!