සංවර්ධනයන් සහ ඉලක්කයන්
සර්ව බලධාරී අල්ලාහ්ගේ උපකාරයෙන් අපගේ විද්‍යාලය කෙටි කාලයක් තුළ බොහෝ සංවර්ධනයන් සහ ඉලක්කයන් කරා පැමිණ තිබේ. ඒවායින් සමහරක් පහත දක්වා ඇත.
- අධ්‍යාපනය අවසන් කර සහතික ලත් ශිෂ්‍යයන් (අබ්බාසිවරු) ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ගුරු ක්ෂේත්රයේ විශිෂ්ටයන් ලෙස සේවය කරන අතර ඇතැමුන් අරාබි විද්‍යාල වල විදුහල්පතිවරුන් සහ කථිකාචාර්යවරුන් ලෙස සේවය කරති.
- සහතික පත්‍ර ලත් අපගේ සිසුන් බොහෝමයක් ඉස්ලාමය එහි නිර්මල ස්වරූපයෙන් ප්රචාරක කටයුතු වල නිරත වන අතර ඔවුන්ගෙන් ඇතැමුන් සුප්‍රසිද්ධ ප්‍රචාරකයන් සහ දක්ෂ කථිකයන් ලෙස මුස්ලිම් ප්‍රජාව තුළ සේවය කරති.
- මෙම විද්‍යාලයෙන් සහතික පත්‍ර ලත් අබ්බාසිවරුන් සැලකිය යුතු සිසුන් ප්‍රමාණයක් මේ වන විට අරාබි රටවල් වල ඇති විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින අතර ඔවුන්ගෙන් ඇතැම් අය ශාස්ත්‍රපති උපාධිය ද (MA) ඇතැම් අය ආචාර්ය උපාධිය ද (PHD) හදාරමින් සිටිති.
- ඇතැම් අබ්බාසිවරු දේශීය විශ්ව විද්‍යාල වල උපාධිය ලබා ඇත.
- අබ්බාසි සහතික පත්‍ර ලාභීන්ගෙන් කෙනෙකු IDM Law School නීති ක්ෂේත්රයේ ඉහළ ම මට්ටමේ විශේෂ උපාධිධාරියෙක් ලෙස සහතික පත්‍ර ලබා ඇත.
- මෙම විද්‍යාලයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට මෙතෙක් පෙනී සිටි ශිෂ්‍යයන්ගෙන් ආසන්න වශයෙන් 85% ක් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා ඇත.
- වසර කිහිපයකට පෙර සිට මෙම විද්‍යාලය සඳහා වෙනම ම වෙබ් අඩවියක් ආරම්භ කර පවත්වාගෙන යනු ලැබේ.
- සර්ව බලධාරී අල්ලාහ්ගේ උපකාරයෙන් වාරික ව සහ මාසික ව මෙම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සඳහා ආගමික දේශන සහ ප්රචාරක කටයුතු පවත්වා ආගම නාමයෙන් කරනු ලබන අනවශ්‍ය දෑ (නවොත්පාදන) පැහැදිලි කර ඉස්ලාම් දහම එහි නිර්මල ස්වරූපයෙන් ඉගැන්වීමෙහි සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කර ඇත්තෙමු.
- මෙම නගරයේ සහ දකුණු පළාතේ බොහෝ ප්‍රදේශ වල සමාජ සේවා කටයුතු විද්‍යාලය හරහා සිදු කර ඇත.
- ශ්‍රී ලංකා මාතෘ භූමියේ ජාතික අවශ්‍යතා සහ වාර්ගික සමගිය ආරක්ෂා කිරීම සඳහා විද්‍යාලය සහ එහි සිසුන් දායකත්වය ලබා දෙති.
- මෙයට වසර කිහිපයකට පෙර අපගේ ආදි ශිෂ්‍යයන් හා විදුහල වෙනුවෙන් යහ චේතනාවෙන් ක්‍රියා කරන්නන් ඇතුළු ව “විද්‍යාල සංවර්ධන සංගමයක්” පිහිටුවන ලදී.